මොකක්ද මේ නොබැදිපත කියන්නෙ
ලංකාවේ ලියාපදිංචි කල වාහනයකට අනිවාර්යයෙන්ම වාහන ආදායම් බලපත්‍රය (ඒ කියන්නේ වාහනේ ලයිසන් එක) ලබා ගත යුතුයි. ඒක ලියාපදිංචි අයිතිකරු පදිංචි ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ගන්න පුළුවන්. එහෙම ආදායම් බලපත්‍රයක් ගත්ත පසු එම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වෙනස් වීමේදී (වාහනය වෙන කෙනෙකුට පැවරුවාට පස්සෙ) අලුතින් ලියාපදිචි අයිතිකරුට තමාගේ නමින් , තමා පදිංවි ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍රය ලබා ගැනීමට නම් පෙර කී ආදායම් බලපත්‍රය නිකුත් කල කාර්යාලයෙන් ලිපියක් ගන්න වෙනවා. ඒ ලිපිය තමයි නොබැදිපත කියන්නේ.
නොබැදිපතක් අවශ්‍ය ඇයි
පළමුව ආදායම් බලපත්‍ර නිකුත් කල කාර්යාලයෙන් නොබැදිපත නිකුත් කිරීමේදී ඔවුන්ගේ පරිගණක දත්ත පද්ධතියේ පැරණි ආදායම් බලපත්‍ර විස්තර සුරක්ෂා කිරීමක් කරනු ලබනවා. ඉන්පසු එම කාර්යාලය මගින් එම වාහනයට ආදායම් බලපත්‍රයක් නිකුත් කල නොහැකි වනවා. එම නොබැදිපත නව අයිතිකරුට අදාල බලපත්‍ර කාර්යාලයට ලබාදුන් පසු එම කාර්යාලයෙන් ඉදිරියට ආදායම් බලපත්‍ර නිකුත් කෙරෙනවා. මෙහිදී එකම වාහනයකට වංචනික ලෙස තැන් දෙකකින් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව නැතිව යනවා.
වාහනයේ අයිතිය මාරු වූ පසු නොබැදිපතක් ලබා ගන්නේ කෙසේද?
1. නව අයිතිකරු ගේ පදිංචි ප්‍ර දේශයේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කර එම කාර්යාලය මගින් ලිපියක් පෙර බලපත්‍ර නිකුත් කල කාර්යාලයට යවා තැපැල් මගින් හෝ අතින් ගෙන්වා ගැනීම. නව අයිතිකරු විසින් ලියාපදිංචි සහතිකයේ තම පදිංචිය පිළිබදව පෙර බලපත්‍ර නිකුත් කල කාර්යාලයට වාර්තා කර (ලියාපදිංචි සහතිකය පෙන්වා) නොබැදිපතක් එම කාර්යාලයෙන් ලබා ගත හැකිය.
මීට අමතරව බොහෝ කාර්යාල අදාල විස්තර ෆැක්ස් හෝ ඊමේල් මගින්ද ලබා ගන්නවා.
සැ.යු.
- එකම කොට්ඨාශයක දෙදෙනෙකු අතර වාහන පැවරීමකදී ආදායම් බලපත්‍රය ලබා ගන්නේ එකම කාර්යාලයකින් නම් මෙම නොබැදිපත අවශ්‍ය නොවේ.
- එමෙන්ම වාහන පැවරීමකින් තොරව ලියාපදිංචි අයිතිකරුගේ ලිපිනය සංශෝධනය වීමකදී (ලියාපදිංචි සහතිකයට අනුව) නව ලිපිනය වෙනත් කොට්ඨාශයකට අයත් නම් මෙම නොබැදිපත ලබා ගත යුතුය.
- මෙම කාර්යය සදහා කිසිදු ගෙවීමක් සිදු කල යුතු නොවේ. කිසියම් කාර්යාලයකින් නොබැදිපත නිකුත් කිරීමට මුදල් ඉල්ලන්නේ නම් ඒ පිළිබදව වගකිවයුතු අය දැනුවත් කරන්න. ඔබට උදවු අවශ්‍ය ඕනෑම මොහොතක අපගේ සේවය ඔබ වෙනුවෙන් ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.
Related posts:
If you enjoyed this article, subscribe to receive more great content just like it.
Popular Posts
Sorry
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය සීමිත තරඟ විභාගය 1998 (1999) ප්‍රශ්න පත්‍රය සීමිත තරඟ විභාගය 2002 ප්‍රශ්න පත්‍රය ලිපිකරු සේවා යෝග්‍ය...
-
සේවා ව්‍යවස්ථාවන් වර්ථමාන සේවා ව්‍යවස්ථාව රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1840/34 - 2013.12.11 [ 156 KB ] පූර්ව...
-
කාර්යාල ක්‍රම ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය කාර්යාල ක්‍රම 2006 2007 ප්‍රශ්න පත්‍රය කාර්යාල ක්‍රම 2007 2008 ප්‍රශ්න පත්‍රය ගිණුම් ක්...
-
ගණන් තැබීම ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ගණන් තැබීමේ ක්‍රම 1997 ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ගණන් තැබීමේ ක්‍රම 1999 (2000) ප්‍රශ...
-
දැක්ම රාජ්‍ය සේවයේ ද්විතීයික සහ ප්‍රාථමික මට්ටම්වල රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ඇති අති විශිෂ්ට පුහුණු ආයතනය බවට පත්වීම මෙහෙවර ද්විතීයික සහ...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ව්‍යවස්තා කාර්ය පටිපාටිය හා කාර්යාල ක්‍රම ආයතන සංග්‍රහය කාර්යාල ක්‍රම 1998 1999 ප්‍රශ්න පත්‍රය ආය...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය කාර්යාල ක්‍රම හා කාර්යය පටිපාටිය කාර්යාල ක්‍රම හා කාර්යය පටිපාටිය 1994 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය ...
-
අදාල චක්‍රලේඛ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සම්බන්ධව ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 06/2007 ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 06/2007 (i) ඒක...
-
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියේ තනතුරකට පත් කිරීම - 2013(2015) පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය Recruitment to Public Management A...
-
ප්‍රශ්න පත්‍රය පිලිතුරු පත්‍රය ආයතන කාර්යය පටිපාටිය ආයතන කාර්යය පටිපාටිය 1995 ප්‍රශ්න පත්‍රය ආයතන කාර්යය පටිපාටිය 1996 ප්‍රශ්න පත...
Recent Stories
Connect with Facebook
Sponsors
Search
0 comments for this post
Leave a reply