ගැලරිය
Recent Articles

මොකක්ද මේ නොබැදිපත කියන්නෙ



ලංකාවේ ලියාපදිංචි කල වාහනයකට අනිවාර්යයෙන්ම වාහන ආදායම් බලපත්‍රය (ඒ කියන්නේ වාහනේ ලයිසන් එක) ලබා ගත යුතුයි. ඒක ලියාපදිංචි අයිතිකරු පදිංචි ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ගන්න පුළුවන්. එහෙම ආදායම් බලපත්‍රයක් ගත්ත පසු එම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වෙනස් වීමේදී (වාහනය වෙන කෙනෙකුට පැවරුවාට පස්සෙ) අලුතින් ලියාපදිචි අයිතිකරුට තමාගේ නමින් , තමා පදිංවි ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍රය ලබා ගැනීමට නම් පෙර කී ආදායම් බලපත්‍රය නිකුත් කල කාර්යාලයෙන් ලිපියක් ගන්න වෙනවා. ඒ ලිපිය තමයි නොබැදිපත කියන්නේ.

නොබැදිපතක් අවශ්‍ය ඇයි

පළමුව ආදායම් බලපත්‍ර නිකුත් කල කාර්යාලයෙන් නොබැදිපත නිකුත් කිරීමේදී ඔවුන්ගේ පරිගණක දත්ත පද්ධතියේ පැරණි ආදායම් බලපත්‍ර විස්තර සුරක්ෂා කිරීමක් කරනු ලබනවා. ඉන්පසු එම කාර්යාලය මගින් එම වාහනයට ආදායම් බලපත්‍රයක් නිකුත් කල නොහැකි වනවා. එම නොබැදිපත නව අයිතිකරුට අදාල බලපත්‍ර කාර්යාලයට ලබාදුන් පසු එම කාර්යාලයෙන් ඉදිරියට ආදායම් බලපත්‍ර නිකුත් කෙරෙනවා. මෙහිදී එකම වාහනයකට වංචනික ලෙස තැන් දෙකකින් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව නැතිව යනවා.

වාහනයේ අයිතිය මාරු වූ පසු නොබැදිපතක් ලබා ගන්නේ කෙසේද? 

1. නව අයිතිකරු ගේ පදිංචි ප්‍ර දේශයේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කර එම කාර්යාලය මගින් ලිපියක් පෙර බලපත්‍ර නිකුත් කල කාර්යාලයට යවා තැපැල් මගින් හෝ අතින් ගෙන්වා ගැනීම. නව අයිතිකරු විසින් ලියාපදිංචි සහතිකයේ තම පදිංචිය පිළිබදව පෙර බලපත්‍ර නිකුත් කල කාර්යාලයට වාර්තා කර (ලියාපදිංචි සහතිකය පෙන්වා) නොබැදිපතක් එම කාර්යාලයෙන් ලබා ගත හැකිය.

මීට අමතරව බොහෝ කාර්යාල අදාල විස්තර ෆැක්ස් හෝ ඊමේල් මගින්ද ලබා ගන්නවා. 

සැ.යු.

  • එකම කොට්ඨාශයක දෙදෙනෙකු අතර වාහන පැවරීමකදී ආදායම් බලපත්‍රය ලබා ගන්නේ එකම කාර්යාලයකින් නම් මෙම නොබැදිපත අවශ්‍ය නොවේ.

  • එමෙන්ම වාහන පැවරීමකින් තොරව ලියාපදිංචි අයිතිකරුගේ ලිපිනය සංශෝධනය වීමකදී (ලියාපදිංචි සහතිකයට අනුව) නව ලිපිනය වෙනත් කොට්ඨාශයකට අයත් නම් මෙම නොබැදිපත ලබා ගත යුතුය.

  • මෙම කාර්යය සදහා කිසිදු ගෙවීමක් සිදු කල යුතු නොවේ. කිසියම් කාර්යාලයකින් නොබැදිපත නිකුත් කිරීමට මුදල් ඉල්ලන්නේ නම් ඒ පිළිබදව වගකිවයුතු අය දැනුවත් කරන්න. ඔබට උදවු අවශ්‍ය ඕනෑම මොහොතක අපගේ සේවය ඔබ වෙනුවෙන් ලබා දීමට අප බලාපොරොත්තු වෙමු. 

Share and Enjoy:

0 comments for this post

Leave a reply

We will keep You Updated...
Sign up to receive breaking news
as well as receive other site updates!
Subscribe via RSS Feed subscribe to feeds
Sponsors
Template By SpicyTrickS.comSpicytricks.comspicytricks.com
Template By SpicyTrickS.comspicytricks.comSpicytricks.com
Popular Posts
Recent Stories
Connect with Facebook
Sponsors
Search